FAST NEWS

24×7 Around the Globe

විදුලි ඉංජිනේරුවන් අද (08) කොළඹට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටපුරා සේවය කරන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පෞද්ගලික නිවාඩු වාර්තා කර අද (08) කොළඹට රැස්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.
අද පෙරවරු 9.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණෙන ලෙස එහි ලේකම්  සියලු සේවකයින්ට දැනුම් දීමක් සිදුකර ඇති අතර , වැටුප් ප්‍රශ්නය හා විදුලි අර්බුදය පිළිබඳව මෙහෙදී සාකච්ඡා කිරීමට නියමිත බව ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සදහන් කළේය.