FAST NEWS

24×7 Around the Globe

සැකකරුවන් පලාගිය සිද්ධියට පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොස්ගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගම පොලිසියේ කොස්තාපල්වරයෙකුගේ හා සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා හෙරොයින් ලග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පෙරේදා පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට පත්විය.
පසුව කොස්ගම පොලිස් සිරමැදිරියේ රදවා තිබූ මෙම සැකකරුවන් එදින රාත්‍රියේ පලා ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
පළා ගිය සැකකරුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මකව පවතියි.