FAST NEWS

24×7 Around the Globe

මධූෂ් සමඟ සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාකඳුරේ මධුෂ් විසින් ඩුබායිහි දී සංවිධාන කරන ලද සාදයට සහභාගිවී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් තවත් දෙදෙනෙක් අද (08) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන් එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද අලුයම 5.10 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් සහ කොළඹ 10 ජුම්මා මස්ජීඩ් පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මොහොමඞඩ් මුෆාර් මොහොමඩ් ජබීර් යන සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට පත්විය.