FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්වය වෙනුවට 08 වසරේදී විභාගයක් – ජනපති…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රී‍පාල සිරිසේන මහතා අද (05) කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින සදහන්කර සිටියේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍ය බවත් , පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මං පෙත් විවර කරදීම ද අත්‍යාවශ්‍ය බවත්ය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරමින් නව අධ්‍යාන ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන්නේ දරුවන්ට තම දක්ෂතාවයන් අනුව අනාගතය ගොඩනඟාගැනීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් බවයි.
05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේ දී විභාගයක් පවත්වා තම දක්ෂතාවය අනුව තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයක් ඔස්සේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙළ තුළින් අවස්ථාව ලැබෙන අතර, පාසල් වර්ගීකරණයක් සිදුකරමින් එම පාසල් අදාළ විශේෂිත විෂය ක්ෂේත‍්‍රය සඳහා පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද  ජනාධිපතිතුමා සඳහන් කළේය.