FAST NEWS

24×7 Around the Globe

මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමක 10 දක්වා රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර අද (05) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර සමයං ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තොරතුරු ලබාදුන් බවට සැකකාර ලලිත් කුමාරට චෝදනා එල්ල වන අතර, ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ පවත්වනු ලබයි.