FAST NEWS

24×7 Around the Globe

අගවිනිසුරු නලින් පෙරේරා 28 වැනිදා විශ්‍රාම යයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අගවිනිසුරු නලින් පෙරේරා මහතා මෙම මස 28 වෙනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ.
ඒ අනුව වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මහතාට සමුදීමේ චාරිත්‍රානුකුල නිල හමුවක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවැත්වුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ උත්සව ශාලාවේ පැවති මෙම සමු දීමේ නිල හමුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ කොළඹ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන සියලුම විනිසුරුවරු එක්ව සිටියහ.