FAST NEWS

24×7 Around the Globe

උත්සව සමය නිමිත්තෙන් සතොස භාණ්ඩ 200ක මිල අඩුකරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස භාණ්ඩ දෙසියයක මිල 10% සිට 30% දක්වා අඩුකළ බව එම ආයතනය සදහන් කරයි.
මෙම වාසිය අද (05) දිනයේ සිට ජනතාවට ලබාගැනීමට හැකියාව පවතියි.
එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී (මෙහෙයුම්) රොෂාන් හසන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ , රුපියල් 112 කට අලෙවි කළ රතු පරිප්පු කිලෝවක් රුපියල් 110 කටත්, රුපියල් 88 ට අලෙවි කළ දේශීය සම්බා සහල් කිලෝවක් 84 කටත්, රුපියල් 70 කට අලෙවි කළ සුදු කැකුළු සහල් කිලෝවක් 67 කටත්, රුපියල් 99 කට අලෙවි කළ සුදු සීනි කිලෝවක් 97කටත්, රුපියල් 680 කට අලෙවි කළ හාල්මැස්සන් කිලෝවක් 669 කටත්, රුපියල් 200 කට අලෙවි වූ සැමන්ටින් එකක් රුපියල් 195 කටත් වශයෙන් භාණ්ඩ 200 ක පමණ මිල අඩුකළ බවයි.