FAST NEWS

24×7 Around the Globe

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් වෙනුවෙන් ජාතික සිනමා දිනයක් නම් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 100 වන ඡන්ම දිනය යෙදෙන අප්‍රේල් 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.
සෑම වසරකම අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව පළමුවන“ජාතික සිනමා දිනය”හෙට (05) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් සැමරීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.
දේශීය සිනමාව වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිදුන් සිදුකළ අමිල සේවාවන් අගයමින් එයට කෘතගුණ සැළකීමක් ලෙස රුපියල් ලක්ෂ 150 ක් වැය කරමින් එතුමන්ගේ නමින් කෞතුකාගාරයක් සහ පුස්තකාලයක්, හෙට දින කොළඹ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.