FAST NEWS

24×7 Around the Globe

විදේශයන්හි රැකියා කරන ශ්‍රමිකයින්ගේ දරුවන් හට මෙරටදී වරප්‍රසාදයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් රැකියාවක් සදහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා මෙරට පාසැල්වල හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.
ඒ අනුව රජයේ පාසැල්වලට එම දරුවන් ඇතුළත් කිරීම, ඉංග්‍රිසි මාධ්‍ය මගින් ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමට අපේක්ෂිතය.
හරින් ප්‍රනාන්දු මහතා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර, එයට කඩිනමින් විසදුම් ලබාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් වාර්තා වේ.