FAST NEWS

24×7 Around the Globe

විරෝධතා කිහිපයක් හේතුවෙන් ලෝටස් පාර වැසෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – විරෝධතා පාගමන් කිහිපයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විධායක නිලධාරීන්ගේ සංගමය මෙම උද්ඝෝෂණ අරඹා තිබේ.
මෙම තත්වය හේතුවෙන් කොළඹ කොටුව හා එ අවට මාර්ගයන්හි රථ වාහන තද බදයක්ද පවතින බවත් පොලිසිය කියයි.