(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සරණාගතයන් රඳවා තැබීම පිණිස ඕස්ට්‍රේලියා ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ඇරඹි නත්තල් දූපත් හෙවත් ක්‍රිස්මස් අයිලන්ඩ් සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය වසා දමා තිබී නැවත විවෘත කර මාසයක පමණ කෙටිකලෙකින් යළිත් වසා දැමීමට ස්කොට් මොරිසන් ආණ්ඩුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලින් ඕස්ට්‍රේලියාවට අනවසර බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයන් රඳවා තැබීම පිණිස එරට ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ඇරඹි වසර 10 කට පසු, නත්තල් දූපත් හෙවත් ක්‍රිස්මස් අයිලන්ඩ් සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී වසා දැමිණි. ඉනික්බිති මේ වසරේ පෙබරවාරියේ දී එය නැවත විවෘත කෙරිණි.
සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය වසා දමා තිබී නැවත විවෘත කර මාසයක පමණ කෙටිකලෙකින් යළිත් වසා දැමීමට ස්කොට් මොරිසන් ආණ්ඩුව තීරණය කර ඇත්තේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඔස්ට්‍රේලියා ඩොලර් මිලියන 185 ක මුදලක් වැය වනු ඇතැයි ගණන් බැලීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
කෙවින් රඩ් ආණ්ඩුව මෙම මධ්‍යස්ථානය ඇරඹූ මුල් දිනයේ සිටමත්, හොවාර්ඩ් ආණ්ඩුව විසින් සරණාගතයන් 400 ක් දෙනා රැකවරණ පතන්නන් ලෙස අනුයුක්ත කරන ලද රැඳවුම් මධ්‍යස්ථානයකි. මෙහි වරෙක 3000 කට වඩා සරණාගතයන් පිරිසක් රඳවා සිටි අතර 2013 වසරේ සිට එය වසා දැමෙමින් තිබේ. එහි සරණාගතයන් රඳවා තබන කූඩාරම් 39 ක් පැවැති අතර බොහෝ විට ඒවා සරණාගතයන් ගෙන් පිරී පැවැතිණි. මෑත වසරවලදී එහි එවුණු ඕස්ට්‍රේලියානු පුරවැසියන් නොවන සරණාගතයන්ගේ ප්‍රතිශතය ඉතා පහත වැටී තිබිණි.
ක්‍රිස්මස් අයිලන්ඩ් සරණාගතයන් රඳවා තැබීමේ මධ්‍යස්ථානය කැරලි කෝලාහල, දූෂණය, ස්වයං ජීවිත හානි, සරණාගත මරණ හා දැඩි සිත් තැවුලට පත්වීම්, ඇතුළු බොහෝ කනගාටුදායක සිදුවීම්වලට පාදක වුණු බිමක් ලෙස ප්‍රකට ය. එය පර්ත් නගරයේ සිට කි. මි. 2600 ක් තරම් වූ දුරක පිහිටි ඕස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපතකි.