FAST NEWS

24×7 Around the Globe

හදිසි විදුලි මිලදී ගැනීමකට සමාගම් 03 ක් තෝරාගිනියි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලිබල අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100 ක හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික සමාගම් 03 ක් තෝරාගත් බව විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව මෙම සමාගම් තුන තෝරාගෙන තිබේ.
මාස හයක කාලසීමාවකට අදාලව මෙම හදිසි විදුලිය මිලදී ගැනීමට අපේක්ෂිත අතර , මීට අදාල කොන්දේසි මාලාව අදාල සමාගම් 03 වෙත දන්වා ඇති බවත් ඔවුන් ඒ සදහා එකග නම් මේ සතිය තුලදීම ඊට අදාල ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේය.