FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරු 1000 ක් අද (04) ලෙඩ වෙති..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද(04) වෛද්‍යවරුන් 1000 ක් ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් හා කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද පවත්වන බවද එම සංගමය පවසයි.
මෙම විරෝධතාවට හා විරෝධතා පාගමනට රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිති 17ක් නියෝජිතයින් සම්බන්ධ විමටද නියමීතය.
විධායක සේවාවලට ඇතිවී තිබෙන වැටුප් විෂමතා ඉවත්කර ගැනීම ඇතුළු රාජ්‍ය ‘සේවාවේ ගැටලු කිහිපයක් විසඳා ගැනීම මෙම ක්‍රියාමාර්ගවල අරමුණු  වන බවත් එම සංගමය කියයි.