FAST NEWS

24×7 Around the Globe

දිය මත දිවෙන කුඩා ස්කූටරයක් උපයෝගී කර ගෙන කිලෝමීටර් 150 ක් ගිය ජාවාරම්කරුවකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිය මත දිවෙන කුඩා ස්කූටරයක් (ජෙට් ස්කී) උපයෝගී කර ගෙන ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමට තැත් කළ ඩේවිඩ් ජේම්ස් ජැක්සන් (57), නම් බ්‍රිතාන්‍ය ජාතිකයා පැපුවා නිව්ගිනියාවේ  ටොරෙස් සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර් 150 ක් ගමන් කිරීමෙන් පසු අත්අඩංගුවට ගන්නට පොලිසියට හැකි වී ඇතැයි වාර්තා වේ.
බටහිර ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඩේවිඩ් ජේම්ස් ජැක්සන් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ද ඔස්ට්‍රේලියා පොලිසියට ලැබී තිබිණි.
ජේම්ස් ජැක්සන්, පුන්සෑන්ඩ් බොක්කේ සිට සිය ජෙට්ස්කි යානය වෙත තෙල් සැපයුම් සිදු කරන අයුරු ද, අතිරේක ඉන්ධන සහ තවත් අවශ්‍ය දෑ යානයට පටවනු ද පොලිසිය නිරීක්ෂණය කර ඇත.
ඔස්ට්‍රේලියාවෙන් පලා ගිය ජේම්ස් ජැක්සන් ඔහු අතහැර දමා ගිය සිය ජිප් රථයේ  තම අත්අකුරුවලින් ම ලියූ සටහනක් ද පොලිසියට හමු ව තිබේ.  මෙසේ ලියා ඇත. “මා බදාදා වන තෙක් ආපසු නොපැමිණියොත් මා මිය ගොස් නැති බව සිතන්න.  නමුත් මා ඔස්ට්‍රේලියාවට ආපසු එන්නේ නැත.”