FAST NEWS

24×7 Around the Globe

නාමල්ට එරෙහිව නඩුව ජුනි 08 තෙක් කල් තැබෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුනි 08 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (03) නියෝග කළේය.
නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.