FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 10 ක් නෙවෙයි කෝටි 02 ක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන අපි ගෙනියනවා -ඇමති රිෂාඩ් 

“වසර විස්සකටත් වැඩිකාලයක් අනාථ කඳවුරුවල ජීවත්වුනු ජනතාවට ඇයිමේ දකුනේ පිරිස් මේ තරම් කෙනෙහිලිකම්  කරන්නේ.විල්පත්තුව කපනවා ජනතාව එහි පදිංචිවෙනවා කියලා අසත්‍ය ප්‍රචාර මොවුන් ගෙනියනවා.මේ ගැන ඇත්ත තත්වය වවුනියාවේ ආගමික නායකයන්ගෙන් අසා දැනගන්න පුලුවන්.ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුලු ආගමික නායකයින් දන්නවා මේ අහිංසක ජනතාව පදිංචිවෙලා ඉන්නේ ඔවුන්ගේ පැරණි නිජභූමිවල කියලා.පිරිසක් මේ වෙර දරන්නේ රට තුළ නැවතත් ජාතිවාදී ගැටුමක් ඇතිකරන්න දෝ කියල සැකයකුත් අපට මතුවෙනවා“ යැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
විසිහතරවෙනි වරටත් සංවිධානය කර තිබූ නැගෙනහිර පළාත් ජනමාධ්‍යෙව්දී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍ය වරයා මේ බව පැවසීය.කල්මුනේ නගරයේදී මෙම උත්සවය පැවැත්විණි.මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙසද පැවසීය.
“වසර ගනනාවක් තිස්සේ යුද්ධයෙන් බැටකෑව මේ නැගෙනහිර පලාතේ මිනිස්සු ත්‍රස්ථවාදීන් විසින් ඔවුන්ගේ උපන් භූමිවලින් එලෙව්වා.ඔවුන් අනාථකදවුරුවල ගොඩාක් දුක් වින්දා.එහෙම දුක් වින්ද ජනතාව නැවත ඔවුන්ගේ නිජභූමිවලට ගිහින් පදිංචිවෙන එක දකුනේ ඇතැම් භික්ෂූන්වහන්සේලා හා ඊනියා සංවිධාන දකින්නෙ වැරදි විදියට.ඔවුන් මේ ප්‍රශ්නයේදී මුලු රටක්ම ගිනිතියන්න හදන්නේ.එදා මේ ජනතාව හමුදාවට විරුද්ද වෙලා ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගත්තනම් මේ රට අද මේ තරම් සාමකාමී නොවෙන්න තිබ්බා.අද මේ විල්පත්තුව ප්‍රශ්නයක් බොරුවට අල්ලගෙන ජාතිවාදය අවුස්සන්න හදන පිරිසගෙන් මම අහන්නනේ මේ රටේ ජනතාව සාමකාමීව ඉන්නවා දකින්න අකමැති ඇයි කියලා.
“දැන් විල්පත්තුව සුරකින්න කියලා මටයි මගේ ජනතාවටයි විරුද්ධව ලක්ෂ දහයක අත්සන් ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තියෙනවා.විල්පත්තුව හොඳට තියෙනවා ඒක සුරකින එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාල ආයතන විසින් සිදු කරනවා.ඒකට මේ වගේ ජාතිවාදී වැඩ අවශ්‍ය නැහැ.මම කියන්න කැමතියි ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන ගෙනියනවා අද මෙතන ඉන්න මාධ්‍ය සගයන්ගෙන් මම ඉල්ලනවා ඔයාලා විල්පත්තුවට යන්න එහේ ජනතාව මුණ ගැසෙන්න ,කතා බහ කරන්න ,එතකොට ඔයාලටම තේරුම් ගන්න පුලුවන් මේ ජාතිවාදී කල්ලි විලාප දෙන්නෙ බොරුවට කියලා”
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම,අමීර් අලී ,අබ්දුල්ලා මහරුෆ් ඇතුලු ආරාධිතයින් පිරිසක් සහභාගී විය.