FAST NEWS

24×7 Around the Globe

මදූෂ් සමග අත්අඩංගුවේ සිටි සජිත් පෙරේරාට ඇප…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මධූෂ් සමඟ ඩුබායි අත්අඩංගුවේ සිට ලංකාවට පිටුවහල් කිරීමෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබූ ලංකා සජිත් පෙරේරා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.
රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට අධිකරණය නියෝගයෙන් සදහන් කර ඇත.
පුද්ගලයෙකු ආයුධ පෙන්වා බිය ගැන්වීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඔහුට වරෙන්තු නිකුත් කර ඇති බැවින් හෙට (04) දිනයේ එහි පෙනී සිටින ලෙසත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය සැකකරුට නියෝග කළේය.