FAST NEWS

24×7 Around the Globe

උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් මස 08 වැනිදා සිට ලංගමයෙන් බස්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් මස 08 වැනිදා සිට 18 වැනිදා දක්නා විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ කාල සටහන් කළමනාකාර සජීව ඩිලුක්ෂ මහතා සඳහන් කළේය.
ඒ අනුව උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 1487ක් යොදවන බව ඔහු සඳහන් කළේය.
කොළඹ, හැටන්, මහනුවර, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරමින් මෙම බස්රථ යෙදවීමට පියවර ගන්නා බවද හෙතෙම කීය.
මෙම කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේදී මෙම කාලය තුළ විශේෂ බස්රථ සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.