(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්ධන මිල සුත්‍රයට අනුව ලබන 10 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 04 කින් වැඩිකරනු ලැබුවහොත් බස් ගාස්තු මිලද ඊට පසුදා සිටම වැඩි කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කොළඹ අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමීන් පැවසීය.
මෙහිදී දැනට රුපියල් 12 ක් වන අවම බස් ගාස්තුව වැඩි වීමක් නොවන බවත් එ මහතා පැවසීය.








