විල්පත්තු මාතෘකාව පිළිබඳව ඇමති රිෂාඩ් “බලය” වැඩසටහනේදි සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය..

විල්පත්තු මාතෘකාව පිළිබඳව ඇමති රිෂාඩ් “බලය” වැඩසටහනේදි සිදුකළ සම්පුර්ණ ප්‍රකාශය..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සමාජජාල මාධ්‍ය ඔස්සේ දැඩි කථා බහකට ලක් වී ඇති මාතෘකාවක් වන විල්පත්තුව සම්බන්ධයෙන් පසුගිය මාර්තු 28 වැනි බ්‍රස්පතින්දා “හිරු ටීවී” නාලිකාවේ “බලය” සංවාදාත්මක වැඩසටහන වෙන් විය.
යුද්ධයෙන් අවතැන් වුවන් නැවත පදිංචි කිරිම් සම්බන්ධ ක්‍රියාවලිය , විල්පත්තුව හා සම්බන්ධ කර සාමාජජාල මාධ්‍ය මගින් චෝදනා එල්ල වු කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන හා නිපුණතා හා වෘත්තිය පුහුණූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙම වැඩ සටහනට එක් වෙමීන් සිය නිර්දෝෂිභාවය පිළිබඳව පැහැදි කිරිමට කටයුතු කළේය.
මෙම වැඩසටහනට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාද, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස යන මහත්වරු මෙම විවාදය සඳහා එක්ව සිටියහ.
රිෂාඩ් බදීයුදීන් අමාත්‍යවරයා බලය වැඩ සටහනේදි සිදුකළ සම්පුර්ණ කථාව..
පළමු අවස්ථාව
“ඇත්තටම සහෝදරයා මම නලින්ද මන්ත්‍රීතුමා කියපු විදියට මෙ සති දෙක ඇතුළත විශාල ප්‍රචාරයක් ගෙන යනවා විල්පත්තු වන සංහාරයක් යනවා කියලා, ෆෙස් බුක් වල තමා ගෙනියන්නේ. ලක්ෂ දහයක අත්සන් ගන්නයි එකතු වෙන්නයි එහෙම කියලා තරුණ තරුණියන් මෙක පිටිපස්සේ යනවා, මේක සම්පුර්ණ වැරදි ප්‍රචාරයක්. ගරු මන්ත්‍රීතුමා කියපු විදියට 2012 – 2013 වර්ෂයන්වලදි තමයි, මම හිතන්නේ 2009 තමා යුද්ධය ඉවර වුනේ, යුද්ධය ඉවර වුනාට පසුව ලක්ෂ තුනක් දෙමළ සහෝදර ජනතාව මැණික් පාම් එකේ හිටියා. එ ජනතාවත් ලක්ෂයක් විතර මුස්ලිම් ජනතාවත් පුත්තලමේ අනාථ වෙලා හිටියා මන්නාරමේ ඉදලා ඇවිල්ලා, උතුරු පළාතේ ඉදලා ඇවිල්ලා.. එ වගේම සිංහල ජනතාවත් ඇවිල්ලා හිටියා. එ ඔක්කොම පදිංචි වුනේ. 2009 ඉදලා 2013 වර්ෂය දක්වා තමා එක වුනේ, එ වේලාවේ තමුන්ගේ ගම්වලට තමා ජනතාව ගියේ.එ විස්තරය පස්සේ කියන්නම්.
ගරු මන්ත්‍රීමා කියපු විදියට විල්පත්තු වනෝද්‍යානය පුත්තලම් දිස්ත්‍රික්කයටයි අනුරාධපුර දිස්ත්‍රික්කයට තමයි තියෙන්නේ, එකෙන් උතුරු වන සංරක්ෂිතය තියනවා එකත් තියෙන්නේ පුත්තලම් දිස්ත්‍රිකකයේ, එකෙන් පසුව මෝදර ගම්මාරුව තියනවා.. එකෙන් එහා තමයි මන්නාරම එන්නේ. මෝදර ගම්මරුවේ තමා බොඩර් එක තියෙන්නේ, එකෙන් එහා එ කාලයේ (මෙන්න මෙතන මම නම් කරලා තියනවා) කරේකුලි, මරිච්චිකට්ටු, පාලකුඩි, මුල්ලිකුලම කියලා පරාම්පරික ගම්මාන තිබ්බා. ඒ කාලේ ගම්මානවල හිටිය මිනිස්සු අනාථ වෙලා, එ පළාතෙන් පුත්තලමට ආවට පසු ආපහු පදිංචියට ගියාම 2012 වර්ෂයේදි, එවගේම 2013 වර්ෂයේදි 2009 න් පසුව තමයි, මට ඔන්නම් ගැසට් ඔක්කම පෙන්නන්න පුලුවන් මිනිස්සු ගියේ පදිංචියට, දැන් 2008 මම හිතන්නේ අරගෙන තියනවා ජී.පී.එස් එක අරගෙන එගොල්ල 2010 මැපින් කරලා 2012 – 13 වර්ෂයේදි ගැසට් කරලා තියනවා වන රක්ෂිතයට. මෙ විල්පත්තුව නෙමේ මන් කියන්නේ මෙ විල්පත්තුව වන සංහාරයක් නැ කියලා සියලු දෙනාම දැන් පිලි අරගෙන ඉවරයි. විල්පත්තුව වනෝද්‍යානය එක අඟලක් හරි ඇතුලට ගිහිල්ලත් නැ පදිංචිවිම් කරලත් නැ එක තියෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයේ නෙමේ අනුරාධපුර හා පුත්තලම් දිස්ත්‍රික්කයේ.
දැනට මන්නරම දිස්ත්‍රිකයේ.. මට ඔන්නම් කියන්න පුලුවන් 2010 වර්ෂයේදි මන්නරම් දෙකයි මාවිල්ලු වෙප්පුලම් මේ දෙක විතරයි රක්ෂිතය කියල ගැසට් කරලා තිබුනේ. මන්නාරම මෙ දෙක ඇර.. මන්ත්‍රීතුමා මෙ දෙක ඇර රක්ෂිතයක් නැ.. මන්නාරම දිස්ත්‍රික්කයේ ඔන්නම් මම සහතික කරලා විස්තරේ පෙන්නන්න පුලුවන්. මන්නාරම දිස්ත්‍රික්කයේ තිබුනේ වෙප්පුලම් මාවිල්ලු කියලා රක්ෂිත දෙකයි තිබුණේ, 2012 වර්ෂයේදි මෙ මිනිස්සු ඔක්කම පුත්තලම කඳවුරු වල. 2008 තමා මෙ ජි.පී.එස් එක පාවිච්චි කරලා 2010 තමා මැපින් කරලා තියෙන්නේ, මැපින් කරලා මෙතෙන තියන කරලා ඔක්කම දැන් මෙ ඔක්කම ආපහු ගැසට් කරනවා 2012 – 13 වර්ෂයේදි වන රක්ෂිත කියලා. 2012 වසරේ ගද්දි කිසිම තැනකට ගිහින් සර්වෙ කරලා බැලුවෙත් නැ, එ ජනතාවගේ අයිතිය ඔප්පු තියනවද ප්‍රාදේශය ලේකම්ට දැනුම් දිලා නැ..මිනිස්සු දන්නේ නැ.., එහෙම කරනකොට ඔක්කම හිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ එ වෙලාවේ කලා කරාට පස්සේ මොකද වුනේ.. දැන් 2009 රිසෙට්ල්මන්ට් කරපු වැඩ පිළිවෙල ප්‍රසිඩන්ෂල් ටාස්ක් ෆොස් එක හරහා සබ් කොමීටුවක් පත් කරලා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශයේ ලේකම් යටතේ, හමුදාව, නාවික හමුදාව, පොලිසිය, සර්වේ, ඇටොනි ජෙනරල්, වයිල්ඩ් ලයිෆ් ඩිපාර්ට්මන්ට් ,ෆොරස්ට් ඩිපාර්ට්මන්ට්, එන්වාරිමන්ටල් ඩිපාර්ට්මන්ට්, මෙ ඔක්කම එකතු වෙලා මෙ ගොල්ලගේ පදිංචි විම සම්බන්ධව තිබෙන ගැටලු සොයා බලනකොටත්.. එයාල සජේෂන් එකක් කරනවා පාරම්පරික ගමට සමහර ගම් වලට යන්න එපා කියලා, එ ඇයි එවා පැඩි ලැන්ඩ් සමහර එවා ගස් වැවිලා තියෙනවා.. එ නිසා පාර දිගටම හමුදාව ආරක්ෂක හේතු නිසා ඔක්කම සුද්ද කරලා තිබුනා, ඒ සුද්ද කරපු ඉඩම් වල දෙපැත්තම මීටර් 250 -250 තියලා පදිංචි කරන්න යෝජනා කරනවා, එ කමීටුව එ යෝජනාව උඩ තමා ප්‍රාදේශීය ලේකම් ඉඩම් කච්චෙරියත් තියලා එ මිනිස්සුන්ට පදිංචි කිරිම් කටයුතු කලේ.
මම කියන්නේ මෙ දිග පාරේම අක්කර 770 ක් වෙන් කරලා තියෙනවා, 250 ක් හැර සමහර ඇතුල ගම් පරණ ගම්වල ප්‍රයිවට් ඉඩම් තියනවනම් එකට අවසර දිලා තියනවා, ගිහිල්ලා පදිංචි වෙන්න.. එ ඇර ආණ්ඩුව දිලා තියෙන්නේ මීටර් 250 – 250 ඇතුලත දිලා තියෙන්නේ දිගටම.. ඔනනම් එ වාර්තා ඔක්කම පෙන්වන්න පුලුවන් එකත් ඇර මට. 2012 වර්ෂයේදි මෙ ගොල්ල අර පිළිවෙලක් නැතිව කරපු නැති නිසා ජනාධිපති තුමා මොකද්ද කලේ.. එ වේලාව ප්‍රශ්නයක් ආව හැමදාම මෙ ප්‍රශ්න ආව ආවට පස්සේ ආප ජනාධිපතිතුමා මොකද කරලා තියෙන්නේ 2017 වර්ෂයේදි පස්සේ ආපු කියපු වෙලාවේදි මේ දෙකත් එක්ක තව මිනිස්සුන්ගේ ගම මරිච්චිකට්ටි කියලා අලුත් වන රක්ෂිතයක් ගැසට් කරනවා කරටිකුල් කියලා අලුත් රක්ෂිතයක්. එ ඔක්කම හෙක්ටයාර් 4000 ක් තියෙන්නේ.. ලක්ෂයකට අක්කර වැඩියි, එ ඔක්කොම එකට එකතු කරගෙන එකට මාවිල්ලු කියලා ආපහු ගැසට් කරනවා 2017 වර්ෂයේදි, එහෙම දෙනකොට දැන් මින්ස්සු සුද්ද කරලා පදිංචි වෙලා ඉන්න ඉඩම් ඇර අනිත් ඔක්කම ගැසට් කරලා තියනවා මාවිල්ලු රක්ෂිතය කියලා. ඉස්සරලා තිබුන රක්ෂිත වන සංරක්ෂිත එක කන්සර්වෙටර් පොරස්ට් කියලා එක තව තද විදියට ගැසට් කලා, ඇතුලෙන් එ වේලාවෙදිත් මෙ මින්ස්සු සමහර ඉඩම් තාම ඇතුලට තියනවා එගොල්ල කුඹුරු කරපු ගව පාලනය කරපු එගොල්ල පැඩිපිල්ඩ් කරපු ඉඩම ඇතුලේ තාම තියනවා, ප්‍රශ්න තියනවා එකට ජනාධිපතිතුමා කමීටුවක් පත් කළා ඉන්ඩිපෙන්ඩන්ට් කමීටුවක්, බොරලැස්ස මහත්තයා, හිටපු අතිරේක ලේකම් ලැන්ඩ් කොමිෂන් හිටය එක්කකෙනා එතුමයි, උදයකාන්ත මහතා එ වගේම තව ආචාර්ය ජයසුරිය මහතා ආචාර්ය නවුපල් මහතා පේරාදේණීය විශ්ව විද්‍යාලයේ ෆොපේසර්, හතරදෙනාගේ වාර්තාවත් කියලා තියනවා එකේ කොතනවත් කියලා නැ විල්පත්තු විනාශ වෙලා කියලා, අනිත් එක දැන් මිනිස්සු හරි වේදනාවකින් ඉන්නවා තමුන්ගේ අවුරුදු විස්සක් විසි පහක් කඳවුරු වල ඉදලා ආපු මිනිස්සුට මෙක පිලිවෙලක් අනුව ගැසට් කරලත් නැ, පිළිවෙලක් අනුව එ ගොල්ලගේ නැවත පදිංචි කිරිම ගැටලු විසඳලත් නැ කියලා තියනවා, කොහෙවත් ලියලා නැ මෙ වගේ ලොකු අසාධාරණයක් වන සංහාරයක් මෙ මිනිස්සු වෙනුවෙන් වුනා කියලා, මෙ වාර්තාව තිබුනා ඊයේ තමා මෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ මෙක ඔනනම් ඔබතුමාටත් ඉදිරිපත් කරන්න පුලුවන්.
දෙවැනි අවස්ථාව ..
“2012 වර්ෂයදී 20,000 ක් ඔප්පු දීලා තියෙනවා, ඒ 20,000 ඔප්පු මන්නාරම දිස්ත්‍රික්කය නෙමෙයි, මුළු උතුරටම දුන්නා එක. යාපනය, කිලිනොච්චිය, අනිත් එක සිංහල ජනතාවට දීල තියනවා, මුස්ලිම් දෙමළ හැමකෙනාටම දුන්න ඔප්පු එක තමා මොහු පෙන්නුවේ. හිටපු ජනාධිපතිතුමා කිලිනොච්චියේදී ලොකු උත්සවයක් කරලා දුන්නා එක. එක වැරැද්ද නිවැරැද්ද උදය ගම්මන්පිල කියන්න ඕන, ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වෙලාවේ කිසිම වැරද්දක් කරේ නෑ කියලා, මෙතන මම වගකීමෙන් කියන්න කැමති කිසිම වන සංහාරයක් වෙලා නැ එතන, ඒ කාලේ ඒ මිනිස්සුන්ගේ ඉඩම් වලට PTF(PRESIDENTIAL TASK FORC) කියලා පත්කරා.හිටපු ජනාධිපතිතුමා පත්කරා, බැසිල් රාජපක්ෂ සභාපති ආරක්ෂක ලේකම් ඉඳලා සියලුම අමාත්‍යංශ ලේකම්වරු හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති government agent ලා දිස්ත්‍රික්වල ඉන්න පස්දෙනාම ප්‍රාදේශීය ලේකම් 13ක් ඔක්කොමලාව මෙම්බර්ස්ලා හැටියට දාලා පත් කරා.
පත්කරාට පසුව, ලක්ෂ 03ක් දෙමළ මිනිස්සු අනාථ වෙලා මෙනික් ෆාම්වල හිටියා ඒ මිනිස්සු කොහොමද පදිංචි කරන්නේ කියලා.. එක වැඩපිළිවලක් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට දුන්නා. ඒ අමාත්‍යාංශය ගෙනිච්චා. ඒ වගේම ලක්ෂයක් මුස්ලිම් මිනිස්සු ඉන්නවා. 40,000 ක් ඉන්නවා සිංහල මිනිස්සු ඒ කට්ටියට පත්තරේ දලා.. ඒගොල්ලන්ව පදිංචියට එන්න පුළුවන් නම් එන්න කියලා ,ඇවිල්ලා තමුන්ගේ ප්‍රාදේශීය ලේකම් ගාවට ඇවිත් රෙජිස්ටර් වන්න කියලා. ඒ අය ප්‍රාදේශීය ලේකම්ට කියලා රෙජිස්ටර්වුනා. ඒ වෙලාවෙදි බැලුවා, එකට ඒගොල්ලෝ ඇවිල්ලා (PTF) එකෙන් සබ් කමිටුවක් දාල ඒ කමිටුවට.. කමිටුවට සභාපති වශයෙන් පත්කරා, නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ලේකම් සුගනදාස මහතා, එතුමාගේ යටතේ දාල වනජීවී, වනරක්ෂණ , environmental , ආමි, නෙවි , පොලිස් ඒවගේම අනිත් නිලධාරි ඔක්කොම දාලා නිරීක්ෂණයක් කරන්න කිව්වා. ගිහිල්ලා බලන්න, බලල ඇත්තටම මේ මිනිස්සු හිටියද නැද්ද කියලා. ඡන්ද නාම ලේඛනයේ ඔවුන්ගේ නම් තිබුනද? ඒ මිනිස්සු ඒ පළාතේ මිනිස්සුද? දැන් කැලේ වැවිලා තියන්නේ පැඩි ලැන්ඩ්වල තිබුනා. ඒ දවස් වල ඒ කාලේ වගෙ නෙමෙයිනේ දැන් අවුරුදු 25ක් පසු ගොඩාක් වෙනස් වුනා. ඒ නිසා මේක, සමහර තැන්වල අක්කර 1000 ක් විතර නාවික හමුදා කඳුවරක මුල්ලිකුලම්වල පිහිටුවා තිබ්බා, අච්චරාවෝදර නගරයේ නාවික හමුදාවත් ඉන්නවා, ඒ වගේම අලුත් මිනිසුන් පදිංචි උනා. අනිත් පළාත්වලින් ඇවිල්ලා පදිංචි උනා. ඒ නිසා ඒ ප්‍රශ්නය ගැටළුවක් නැතිව කොහොමහරි විසඳගන්න පුළුවන් කියලා ඒ කමිටුව පත් කලා. ඒ කමිටුව පත්කරලා දෙපාරක්, තුන්පාරක් ගිහිල්ලා. සංචාරය කරලා, කච්චේරිවල මීටින්ග් කියලා නිර්දේශයත් කරනවා.
තුන්වෙනි අවස්ථාව
ඇත්තමට අක්කර 1700 ක් මන්නාරම දිස්ත්‍රික්කය ඇලකෙට් කලා, වෙන් කලා කියලා නීති රීති අනුව අර මන් කියපු විදියට අර කියපු විදියකට දුන්නා කියලා ඔබතුමා කිව්වා. මැනලා බලනකොට 1750 ක් තිබ්බා. එ ඉඩම ඇර ඉතුරු ඉඩම ඔක්කම ඉඩම මුසුලි ප්‍රදේශයේ වන සංරක්ෂිතය කියන්නේ. තිබිච්චටත් වඩා දැන් මායිම පෙන්නුවා හෙක්ටයාර් 4000 මුලු ඉඩමම දැන් සංරක්ෂිත වෙලා ගැසට් කරලා ඉවරයි. දැන් මෙතුමා කියනවා අක්කර 75 ක් දුන්නා කර්මාන්ත පුරයට 750 ක් කපනවා කියලා බොරු චෝදනාවක් දැන් එ වගේ දෙවල් උදාහරණයට. එයා කිව්වා එක සම්පුර්ණයෙන්ම වැරදියි, මෙ 1750 ම ඉන්න මිනිස්සු එක්කෙනෙක් හරි පිට මිනිස්සු නෙමේ මෙහෙ ඉදලා අනාථ වෙලා ගිය මිනිස්සු අවුරුදු 25 න් පසුව එයාලා නැත්තම් එයාලගේ පවුල අය තමයි ඇවිල්ල පදිංචි වෙලා ඉන්නේ.දැන් එතුමා කියනවා ජාති වාදය ආගම් වාදය මම කතා කලා, මම එහෙම මිනිහෙක් නම් මම වැලිඔය ගිහින් කර්මාන්තපුරය වැලි ඔයටයි මුසලි වලටයි එක පෙපර් එකෙන් දාල අවසර ඉල්ලලා. වැලි ඔය මම හදලා ඉවර වෙලා ඉවරයි, දැන් පටන් ගන්න යනවා තාම මුසලි වල ඉඩම තාම දිලා නැ ,ඉඩම ඊයේ ලියුමක් ආව ඉස්සර දුන් ඉඩම්වල හිස් ඉඩම් තියනවනම් එක බලල දෙන්න කියලා, මෙතුමත් එ යෝජනාව කලා මමත් එකට එකගයි එක ඔක්කම ඔප්පු දිලා තියනවා ඔප්පු දිලා කවුරුත් ආපු නැති අය ඉන්නවනම් එක ආය පවරගන්න ඔනා, ආණ්ඩුවට ප්‍රාදේශීය ලේකම් එයා ආපහු පවරලා තමා එ රජයේ පොජේක්ට් එකට දෙන්න පුලුවන් එකටත් තව අවුරුද්දක් විතර යයි, අනුන්ගේ ඉඩම් අරගෙන ආයේ දෙනවනම් එක බලමු එක එක ප්‍රශ්නයක් නැ
අනිත් එක එතුමලා කියනවානම් වන සංහාරයක් වුනා විල්පත්තුව ලග එ ප්‍රදේශයේ කියනවනම්.. එතුමාම දැන් කිව්වා 1750 අක්කර තමයි මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා කියලා එක ඇර සියලුම ඉඩම සීයකට වැඩි ප්‍රමාණය හෙක්ටයාර් 4000 ක් සහ වන රක්ෂිත ගැසට් කරලා ඉවරයි.. දැන් එ නිසා තමයි අක්කර 25 ට තාම ජනාධිපතිතුමාගෙන් අවසර ඉල්ල ඉල්ල හිටියා.. තාම හම්බෙලා නැ එක, හම්බෙන් නැ ,එක ඔනත් නැ අපි එකගයි එකට මම කැමති මොකටද දන්නවද එක මෙ වෙලාවේ ඊයේ පෙරේදා ගන්නේ නැතිව අවුරුදු දෙක තුනකට කලින් ගත්තනම් අපට මේ වෙලාව හදලා ඉවර කරන්න තිබුනා, මෙතුමා කියන විදියට ඒ ප්‍රදේශයේ ජනතාවට රස්සාව ලබෙන්නැති .දැනට ජනාධිපතිතුමා පත් කරපු කමිටුව වාර්තාවේ තියනවා මෙතුමා කිව ජයතිස්ස මහත්මයා ගැසට් කරනකොට පිළිවෙලක් නැතුව ගැසට් කරලා තියනවා. ඒ කමිටු වාර්තාවේ තියනවා ,මෙතුමා ගම්මන්පිල මහත්මය බලන්නෙනැතුව ඇති. පාර්ලිමේන්තුවේ වාර්තාව දැන් හැම මන්ත්‍රි වරයෙකටම බලන්න පුළුවන් පුස්තකාලයේ තියෙනවා .එකේ ගැසට් කරනකොට පිළිවෙලක් නැතුව කරලා තියෙනවා කියල ,ගුගුල් මැප් එකේ කරලා තියෙනවා 2008 ගත්ත මැප් එකෙන් තමා එක කරලා තියෙනවා කියන්නේ ,ඒ නිසා ඒවා හරිගස්සන්න ඕනේ කියල act එකත් වෙනස්කරන්න one කියල එතුමන්ලා යෝජනා කරලා තියනවා. අනිත් එක මිනිස්සු හිත වේදනාවෙන් එ ප්‍රදේශයෙ ඉන්න මිනිස්සු ඉන්නවා කියල කියනවා .අනිත් එක මම ඇයි අර නාමල්ගම ගැන කිවෙ ජාතිවාදය අවුස්සන්න නෙමෙයි.. එතන අක්කර එක බැගින් දීල තියනවා එක පවුලක් හරි එතන ඉන්නේ ඉස්සර හිටිය පවුල් නෙමෙයි වෙන වෙන ඉන්න දිස්ත්‍රික්ක වලින් හම්බන්තොට එක එක දිස්ත්‍රික්ක වලින් තම ගෙන්නලා බලෙන් ගෙනල්ල වගේ ගෙනල්ලා පදිංචි කරලා, වතුර නැ.. හරියට පාලනයක් නැ, ඒ මිනිසුන්ට හරියට පාසලක් හරියට නැ, ගෙවල් ප්‍රශ්න, දැන් තම මේ ආණ්ඩුව අවට පස්සේ ඒ ඔක්කොම ප්‍රශ්න විසඳගෙන යන්නේ. අනිත් එක ඒ වගේ ගෙනල්ල බලෙන් ගෙනල්ල පදිංචි කරේ මේ ptf එකෙන් නෙමෙයි කරේ එක කව්ද පදිංචි කරේ කියල කිසිම documentry එක්ක වත් නෑ. මේක වැරදි නම් එකත් වැරදිනෙ..වැරදි තමා මන් කියන්නේ වැරදිනම් ,හැමෙකක්ම වැරදි වෙන්න ඕනේ පාරම්පරික භුමියේ ජිවත් වෙච්ච් , පාසල් තියෙනවා 15ක් අවුරුදු ගානක් ජිවත් වෙච්ච මිනිස්සු අවුරුදු 25 ක අනාථ කඳවුරු වල ඉඳල බලෙන් LTTE එලවපු නිසා ඇවිල්ල තමුන්ගේ ගමට එනෙක වැරදි කියල කියනවා නම්, ඒ මිනිස්සුන්ට ඒ ඉඩම දුන්න එක වැරදි කියල කියනවා, නම් අක්කර භාගය බැගින් දුන්න එක වැරදි කියල කියනව නම් ,පිට මිනිස්සු ගෙනල්ල ඒ පළාතේ තිබිච්ච 1964 ගැසට් කරපු වන සංහාරය රක්ෂිතය ගස් කපල අක්කර 01 බැගින් දෙනවා නම්, නාමල් ගම හදනවා නම් එක වැරදි කියල මේ මහත්වරු කියන්නේ නැති එක වැරදි නැතිද, අනිත් එක අහිංසක දරුවෝ ලංකාවේ ඉන්න අහිංසක දරුවෝ ලක්ෂ ගණන් වරදි විදියට social media වල ගෙනයන වැරදි ප්‍රචාරය බොරු නේ ..මන් ඇත්තටම එන්න හිටියේ නැ ආවට පසුව මන් සතුටු වෙනවා මගේ අදහස කියන්න පුළුවන් වුන එක ..මෙතුමාගේ යෝජනාව මන් බාරගන්නවා ..ඒ නිසා අපි green mannnar කියල කැබිනට් paper එකක් මම ඉදිරිපත් කරනවා, ජනාධිපති තුමාගේ උදව් අරගෙන අග්‍රාමාත්‍යතුමාගෙන් උදව් අරගෙන අපි ඔක්කොම එකතුවෙලා මන්නාරම මෙතුමා කිව 53% රක්ෂිතය තියනවා කියල එහෙනම් හෙක්ටර් 6000 ක් තියනවා නම් හැම ගමටම හැම ගෙදරටම හැමදෙයක්ම අපි green විදියට අනාගතයේදී අපි සංචාරක කර්මාන්තයත් එකතු කරගෙන අපි රක්ෂිතයත් ආරක්ෂාකරගෙන තවත් අපි දියණු කරගෙන අපි සුදානම් එකට අපි වැඩපිළිවෙලක් අපි යොදවමු . මන් කියනවා ..පරිසරය ගැන මමත් ආදරෙයි මෙතන ඉන්න ඔක්කොමල ආදරෙයි ..ඒ නිසා අපි බොරුවට කෑ ගහන්නේ නැතුව ඉදල social media වල වෙලාව නාස්ති කරන්නේ නැතුව අපි සමග ඔක්කොමල එකතුවෙලා මන්නාරම විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව්ම ආරක්ෂා කරමු, මන්නාරම green mannar කියල අපි හදන්න යන වැඩපිළිවෙලට ඔක්කොමලට එකතු වෙන්න කියල මන් ආරාධනා කරනවා”