FAST NEWS

24×7 Around the Globe

විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මැයි 09 සහ10 අසනීප නිවාඩු…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මැයි මස 09 සහ 10 යන දෙදින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර තිබේ.
ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත අතර මේ සඳහා වතුකරයේ සියලුම වෘත්තීය සමිති සහයෝගය දක්වන බවත් නිවේදනය කර ඇත.
පසුගිය මාර්තු 13 වනදාත් ගුරු සේවක සංගම් හා විදුහල්පති සේවක සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.
නමුත් මේ වනතුරුත් ඊට නිසි විසදුම් ලැබී නොමැත.