FAST NEWS

24×7 Around the Globe

මතින් නිදහස් රටක් වෙනුවෙන් ජනපති හා අගමැති ප්‍රතිඥා ලබාදෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‘මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දීමේ බක්මහ දිවුරුම’ වැඩසටහනේ ප්‍රධාන උත්සවය අද (03) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී ආරම්භ වූ අතර, මේ අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වූ අතර පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද ඊට සහභාගී විය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් පාලනය කිරීම පොලීසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශයන්ට පමණක්ම සිදු කළ නොහැකි බැවින් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුළුල් ආකල්පීය වෙනසකින් හා සක්‍රීය දායකත්වයකින් යුතුව එම ව්‍යසනය පිටු දැකීම මෙහි මූලික අරමුණයි.