FAST NEWS

24×7 Around the Globe

පොස්පේට් නව සභාපති ධූරයට ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සීමාසහිත පොස්පේට් සමාගමේ නව සභාපතිත්වයට ජනාධිපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා පත්කර තිබේ.
ඒ , කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතා විසිනි.
කරුණාරත්න හේරත් මහතා වසර 38 ක කාලයක් නීතිඥ වෘත්තීයේ නියලී ඇති අතර වර්තමානයේ ජනාධිපති නීතිඥවරයකු ලෙස සිය රාජකාරී කටයුතුවල නිරත වී සිටියි.
ඔහු මිහින්තලය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.