FAST NEWS

24×7 Around the Globe

අයවැය පිළිබඳ ශ්‍රීලනිපයේ තීන්දුව සන්ධාන රැස්විමේදී ගැනෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -2019 අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීම පිළිබඳ අවසන් තීන්දුව අනිද්දා (04) පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට ඊයේ (02) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ හා විපක්‍ෂනායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (04) පස්වරු 4.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බව ශ්‍රීලනිපය කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (2) කොළඹ,මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිලනිවසේදී පැවැත්වුණි.