FAST NEWS

24×7 Around the Globe

සොත්ති උපාලිගේ පුතෙකු මත්කුඩු තොගයක් සමග කොටු…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සොත්ති උපාලි නම් ප්‍රබල පාතාල නායකයාගේ පුතෙකු වන අරබේවෙල දොන් ලක්ෂ්මන් ප්‍රසන්න නමැත්තා කටුබැද්ද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටියදී අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු කිලෝ 02 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මෙම මත්ද්‍රව්‍ය තොගය අයත් බව ප්‍රශ්නකිරීමේදී අනාවරණය වී තිබේ.