FAST NEWS

24×7 Around the Globe

ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරීවරයෙකුට වසර 37ක සිර දඬුවම්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය ප්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 37 ක සිර දඬුවම් නියම ක‍ළේය.
ඒ, අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැදවූ අවස්ථාවේදියි.
මෙහිදී සැකකරුට රුපියල් ලක්ෂ 40ක දඩයක් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ 130ක වන්දියක් ගෙවන ලෙසට ද නියම කළේය.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය ප්‍රාදේශීය කාර්යාලයේ 2005 වසරේදී ගණකාධිකාරීවරයාව කටයුතු කළ ආනන්ද මාබෝල නැමති මොහු එහි කළමනාකරුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් එම මණ්ඩලයට අයත් චෙක්පත් 57 කින් රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වෙයි.