FAST NEWS

24×7 Around the Globe

රාජගිරියේ නව බස් රථ ධාවන සැලැස්ම අද (02) සිට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -ආයුර්වේද මංසන්ධිය ආසන්නයේ පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් වශයෙන් ,රාජගිරිය සිට කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා අද (02) දිනයේ සිට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන පිළිබඳ අධිකාරීය පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ වැලිකඩ මංසන්ධියෙන් කොටා පාරට හරවා ඒ ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කළ යුතුය.
මෙතෙක් කොළඹ දෙසට ධාවනය වු බස් රථ ආයුර්වේද මංසන්ධියෙන් කොටා පාරට ඇතුළු වු අතර අද (02) දිනයේ සිට මෙම නව රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.