FAST NEWS

24×7 Around the Globe

මධුෂ් සමග සිටි තවත් දෙදෙනෙක් සී.අයි.ඩී භාරයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -මාකදුරේ මධුෂ්ගේ සාදයේදී ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අද (02) අලුයම 4 .55 ට ඩුබායි සිට දිවයිනට ළගාවු ගුවන් යානයකින් ඔවුන් මෙරටට පැමීණ තිබේ.
මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් (48) නැමති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි වීරසිංහගේ ලංකා සජිත පෙරේරා (40) නැමති අය මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.
ඔවුන්ගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් කියයි.