FAST NEWS

24×7 Around the Globe

කුඩා ජල විදුලිබලාගාර සකස් කිරීම සඳහා අයදුම්පත් 3500ක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සකස් කිරීම සඳහා මේ වන විට අයදුම්පත් 3500ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සදහන්කර සිටියි.
දැනට පවතින ජල මූලාශ්‍ර සමඟ ජල විදුලි බලාගාර 75ක් පමණ ඉදිකළ හැකි බවත් , මේ වනවිට රත්නපුර, කෑගල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල කුඩා පරිමාණ පෞද්ගලික ජල විදුලි බලාගාර පවතින බවත් එම අධිකාරිය පවසයි.