FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් මුතූර්හි පැවති රැස්වීම (photos)…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුතූර් තරුණ සංගමය සහ පක්ෂ සමාජිකයන්ගේ රැස්වීමක් මුතූර් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
මෙහිදී පක්ෂය ශක්තිමත් කිරීමේ සහ නව සාමාජිකයන් බඳවා ගැනීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් රැස්ව සිටි පිරිසට අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අබ්දුල්ලා මහරුෆ්, අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, සමස්ත ලංකා මහජන පක්ෂයේ ලේකම් එස් සුභයිර්දීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලක නියෝජිතයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

Image may contain: 1 person, smiling, on stage

Image may contain: 16 people

Image may contain: 20 people, people sitting