FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි මාර්ගයට අද (31) සිට නව දුම්රිය දෙකක්..

(ෆාස්ට් නිව්ස් – කොළඔ) – කැළණිවැලි මාර්ගයේ ධාවනයට නව දුම්රිය දෙකක් අද (31)  සිට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව සෑම දිනකම කොළඹ කොටුවෙන් පෙරවරු 10.30 ට හෝමාගම දක්වාත්, පස්වරු 12.30 ට හෝමාගම දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වාත් එම දුම්රිය දෙක ධාවනය කෙරෙයි.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත වන බැවින් මාලපල්ල උපදුම්රිය ස්ථානය අද (31) සිට වසා දැමෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.