FAST NEWS

24×7 Around the Globe

කංජීපානි මාස තුනක් රඳවා ප්‍රශ්න කිරිමට අවසර..

(ෆාස්ට් නිව්ස් – කොළඹ)- කොළඔ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් මාස 03 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් අනුමැතිය ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකු සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීමට විරුද්ධ වන බව ය.
කෙසේ නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුගෙන් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.
ඒ අනුව මැයි මස 08 වන දා සැකකරු යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කංජීපානි ඉම්රාන් ප්‍රභල පතාල කල්ලි සමාජිකයෙක් ලෙස සැලකෙන අතර ඔහු පසුගියදා ඩුබායිහිදි මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගෙන පසුව එරටින් පිටුවහල් කර දිවයිනට පැමීණේමීන් පසුව අත්අඩංගුවට ගැනුණි.