FAST NEWS

24×7 Around the Globe

කෙහෙළිය රඹුක්වැල්ලගේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අල්ලස් කොමිසම ගොනුකළ නඩුවකට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා විසින් ගොනුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළහ.
මන්ත්‍රීවරයා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ පෞද්ගලික ජංගම දුරකතනයේ රුපියල් දෙලක්ෂ 30,984 ක මාසික බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවූ බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණු අතර , නඩුව ජුනි මස 28 වැනිදා විභාගයට ගැනීමට නියමිතව ඇත.