FAST NEWS

24×7 Around the Globe

ජංගා සහ රොටුඹ අමිල ලබන 02 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඩුබායි අත්අඩංගුවේ පසුව පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.
එමෙන්ම, ඊයේ කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල නැමති සැකකරු ද මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.