FAST NEWS

24×7 Around the Globe

මහනුවර ශ්‍රී දළදා පෙරහැර ලෝකයේ ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ඇතුළ් වෙයි….


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” විසින් ලෝකයේ ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර නම් කිරීමට කටයුතු කර තිබේ.
ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරේ තිබෙන සුවිශේෂී සංස්කෘතික නර්තනයන් සහ විශේෂාංග ලොව අන් කවර තැනකදීවත් දැක බලා ගැනීමට නොහැකි බවත් , අගෝස්තු මාසයේදී සංචාරය කිරීමට බලාපොරොත්තුවන සංචාරකයෙක් නම් ඔවුන් ශ්‍රී ලංකාවේ මහනුවර නගරයට පැමිණ ඇසල පෙරහැර නැරඹීම වඩාත් යෝග්‍ය බවත් එම වෙබ් අඩවිය සදහන් කරයි.
පෙරහැර විචිත්‍රවත් කිරීමට අලි ඇතුන් සහ උඩරට නර්තනයන් ගෙන් සපිරුණු අයුරු දැකීම මනස්කාන්ත දර්ශනයක් බවත් එම වෙබ් අඩවිය සංචාරකයන් දැනුවත් කරමින් සදහන් කර සිටියි.
මීට අමතරන ගිනි බෝල කරකවන දර්ශනය සහ කසකරුවන්ගේ දර්ශනය මගින් දළදා පෙරහැර තව තවත් විචිත්‍ර වන බව විවාදයෙන් යුතුව පිළිගැනීමට සිදුවන බවයි “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” කියා සිටින්නේ.