FAST NEWS

24×7 Around the Globe

නව පොලිස් නිළ ඇදුමක් හදුන්වාදෙන බව ජනපති කියයි…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස් නිළධාරීන් වර්තමානයේ භාවිතා කරනු ලබන පොලිසි නිළ ඇදුමට වඩා සුදුසු නිල ඇඳුමක් පොලිස් නිලධාරීන්ට හඳුන්වාදීම පිළිබඳව තමා අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සදහන් කළේය.
පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීමට පොලිසිය තුළ සිදුකරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් පියවරක් ලෙස ඉදිරියේ දී මෙලෙස පොලිස් නිල ඇඳුමේ ද යම් වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.