FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් හා විදුලිබල කාරක සභා අවස්ථා විවාදය අද (29)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය යටතේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ ද්විත්වයේ වැය ශීර්ෂ අද (29) දින පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනිමට නියමීතය.
ඒ අනුව මතුව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අද (29) පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.