FAST NEWS

24×7 Around the Globe

වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 12,084ක් වාර්තා වෙයි…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසර ආරම්භයේ සිට ගතවූ කාල සීමාවේදී ඩෙංගු රෝගීන් 12,084 දෙනෙකු වාර්තා වී ඇති බවත් , ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5576 දෙනෙකු සහ පෙබරවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 3670 ක් වාර්තා වී ඇති බව එම ඒකකයේ වාර්තා පවසයි.
මාර්තු මාසය ආරම්භයේ සිට අද දක්වා ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2838ක්.