FAST NEWS

24×7 Around the Globe

වැය ශිර්ෂ දෙකක් පරාජයට පත් වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) 2019 අයවැයට අදාළව අද (28) පැවති කාරක සභා අවස්ථා විවාදය අවසානයේ අමාත්‍යංශ දෙකක වැය ශිර්ෂ පිළිබඳව පැවති ඡන්ද විමසීමේන් එම වැය ශිර්ෂ පරාජයට පත් විය
පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සහ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය මෙසේ පරාජයට පත් විය..
අද (28) පැවති විවාදයෙක් අනතුරුව එක්සත් ජානතා නිදහස් සන්ධානපාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා අදාළ වැය ශිර්ෂ සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට පක්‍ෂව ඡන්ද 24 ක් ලැබුණු අතර විපක්‍ෂව ඡන්ද 38 ක් හිමි විය.
ඒ අනුව එම අමාත්‍යාංශයේ සියළු වැය ශිර්ෂ වැඩි ඡන්ද 14 කින් පරාජයට පත් විය.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට පක්‍ෂව ඡන්ද 23 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ද ඡන්ද 38 ක් හිමි විය.
ඒ අනුව එම අමාත්‍යාංශයේ සියළු වැය ශිර්ෂ වැඩි ඡන්ද 15 කින්.ග පරාජයට පත් විය.