FAST NEWS

24×7 Around the Globe

බන්ධනගාර දෙපාර්තමේන්තුවට නව නිළධාරීන් 1275 ක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් නිළධාරීන් 1275 ක් බඳවා ගැනීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව නියාමකවරුන්, ජේලර්වරුන්,හා පුනරුත්ථාපන නිලධාරීන් 1275 ක් අලුතින් බඳවා ගැනෙනු ඇත.
ඒ යටතේ පිරිමි නියාමකවරුන් 1068 ක්, කාන්තා නියාමකවරියන් 110 ක්, දෙවන පෙළ පිරිමි ජේලර්වරුන්  69 ක් , දෙවන පෙළ කාන්තා ජේලර්වරුන් 10 ක් ,දෙවන පෙළ පිරිමි පුනරුත්ථාපන නිලධාරීන්  15 ක් හා  දෙවන පෙළ කාන්තා පුනරුත්ථාපන නිලධාරීන් 03ක්  වශයෙන්  බඳවා ගැනීමට නියමිතව තිබේ.
ඉල්ලුම්පත් කැඳවිමේ නිවේදනය මෙම හෙට (29) රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලබන බවත් අයදුම්පත් භාර ගැනීම අප්‍රේල් 22 දා අවසන් කරන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.