FAST NEWS

24×7 Around the Globe

ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කිරීමේ සූදානමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට අධිකරණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙන අතර , ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ මෙරට ඇෆ්ගනිස්ථානු තානාපති එම්. අශ්රෆ් හයිඩායි අතර සාකච්ඡාවක් ද පවත්වා ඇත.
අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවද මෙහිදී තානාපතිවරයා සදහන් කළේය.
ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිටම ආර්ථික, සංස්කෘතික හා සාමාජීක වශයෙන් පැවති සබඳතාවයන් තවදුරටත් තහවුරු කරගත යුතු බව ද අමාත්‍යවරිය එහිදී අදහස් දක්මින් පැවසීය.