FAST NEWS

24×7 Around the Globe

යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති ලෙස දිව්රුම් දෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (28) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි දිවුරුම් දී තිබේ.
ඒ මහතා මෙම ධූරයට පත් කිරිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයට ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.