FAST NEWS

24×7 Around the Globe

සා.පෙළ ප්‍රතිඵල අද (28) මධ්‍යහනයට පෙර..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) මධ්‍යහනයට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා පැවසීය.
මේ වනවිට ප්‍රතිඵල ලේඛන සකස් කර අවසන් බවත් ,ඒ අනුව අද දහවල්වීමට පෙර ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට නිකුත් කරන බවත් එ මහතා සඳහන් කළේය.
විභාග අපේක්ෂකයින්ට www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකිය.
2018 සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්කරුවන් 656,641 පෙනි සිටි අතර පසුගිය දෙසැම්බර් මස 03 වැනිදා සිට විභාග මධ්‍යස්ථාන 4661 කදී විභාගය පැවැත්විය.