FAST NEWS

24×7 Around the Globe

ඩුබායි වලින් පිටුවහල් කල කංජිපානි ඉම්රාන් සී.අයි.ඩී ය භාරයට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාකදුරේ මධුෂ් සමඟ ඩුඩායිහීදි සාදයක් අතරතුර අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන ලෙස සැලකෙන මොහොමඩ් නජීම් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව  භාරයට ගෙන තිබේ.
ඔහුගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කංජිපානි ඉම්රාන් සමග අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකුද පිටුවහල් කර ඇති බවත් පැවසේ.
කංජිපානි ඉම්රානි නැමැත්තා සැලැකෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු සංවිධානාත්මක අපරාධ රැසක් මෙහෙයවූ අයෙකු ලෙසටය.