FAST NEWS

24×7 Around the Globe

විල්පත්තුව ගැන චෝදනා සහ වාර්තා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රතික්ෂේප කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2013 මැයි මාසයෙන් පසු විල්පත්තු වන රක්ෂිතයේ කිසිදු කාර්යයක් සඳහා කිසිදු ඉඩක් නිදහස් නොකළ බවත්, එ සම්බන්ධයෙන් පළවන චෝදනා සහ වාර්තා ප්‍රතික්ෂේප කර සිටින බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (FCD) සඳහන් කළ බව “සිලෝන් ටුඩේ” පුවත්පත වාර්තා කර සිටියි. (උපුටා ගැනිම ceylontoday)
නිදහස් කරන ලද ඉඩම්වල 2015 වසරේදී මිනිසුන් නිවාස ඉදි කිරීම ආරම්භ කළ බව සහ එම ඉඩම්වල පදිංචි වී සිටින ජනතාව වනාන්තර එළි පෙහෙළි කර නැති බවද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
කෙසේ වෙතත් කර්මාන්ත හා වාණිජ කටයුතු, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත කලාපයක් පිහිටුවීමට විල්පත්තු වන රක්ෂිතයෙන් අක්කර 75 ක් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කළ බවද එම දෙපාර්තුමේන්තුව කියා තිබේ.
කෙසේ නමුත් මෙ සඳහා මේ වන විට අක්කරයක්වත් නිදහස් කර නොමැති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු (FCD) වේ පාරිසරික කළමණාකරණ ප්‍රධානී මහින්ද සෙනෙවිරත්න මහතා පවසා ඇති අතර විල්පත්තු වන රක්ෂිතයේ වනාන්තර එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන් ඇතුළු විවිධාකාර පාර්ශ්වයන් විසින් අමාත්‍යවරයාට එරෙහිව කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිලෝන් ටුඬේ පුවත්පතට කළ විමසීමට ප්‍රතිචාර වශයෙන් සඳහන් කර තිබේ.
“කර්මාන්ත කලාපයක් පිහිටුවීමට වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය අක්කර 75 ක් ඉල්ලා සිටියා. නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලා. කෙසේ නමුත් 2017 දී එය යළි සලකා බැලීමට ජනාධිපති ලේකම්ගේ නායකත්වය යටතේ පත් කරන ලද ජාතික කමිටුවක් වෙත යොමු කලා. ඉන්පසුව මෙම ජාතික කමිටුව යෝජනා කළේ කර්මාන්තශාලා කලාපය සඳහා පමණක් අක්කර 25 ක් නිදහස් කිරිමටයි. කෙසේ වෙතත්, මෙම ඉඩම ලබා දීමට පෙර, පරිසර තක්සේරුවක් සිදු කළ යුතු බව මෙම කමිටුව අවධාරණය කර තිබුණා”
ඒ අනුව මීට සති දෙකකට පමණ පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (FCD) අදාළ අක්කර 25 ක භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් පාරිසරික ඇගයීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරු බවත් එ මහතා පෙන්වා දී තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියට මෙම ඇගයිම් වාර්තාව ලබා දුන් බවට පරිසර අමාත්‍යාංශයටත් කරුණූ දන්වා ඇති බවත් අදාළ වාර්තාව සපයන ලද පසු අදාළ ඉඩම් අක්කර 25 ක් නිදහස් කිරීම කොන්දේසි සහිතව ඉදිරිපත් කරන බවද ඔහු පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, ඉඩම් නිදහස් කිරීම මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සිදු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.