FAST NEWS

24×7 Around the Globe

2020 දී බිම් බෝම්බවලින් තොර ලංකාවක් සදහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – 2020 වසර වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ වින්දිතයින් සදහා වහා සහය ලබාදීම සදහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
තවමත් බිම් බෝම්බ ඇතැයි සැකකෙරන ප්‍රදේශවලින් ඒවා ඉවත් කිරීම , බිම් බෝම්බ වලින් බලපෑමට ලක්වූ ජනතාවට සහය දීම හා බිම්බෝම්බ පිළිබද කටයුතු කිරීමේ ජාතික වැඩසටහන වේගවත් කිරීමට ද මෙමගින් යෝජනා කර තිබේ.
උතුරු නැගෙනහිර පළාත්වල පවැති ගැටුම් හේතුවෙන් හා යුධ බිමෙහි ඉතිරි වූ පුපුරණ ද්‍රව්‍ය වලින් බලපෑමට ලක්වූ වින්දිතයින් 3000 ක පමණ සංඛ්‍යාවක් සිටින බවටත් හඳුනාගෙන ඇත.