FAST NEWS

24×7 Around the Globe

කොළඹ ඇතුලු ප‍්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කොළඹ ඇතුලු ප‍්‍රදේශ කිහිපයකට මාර්තු 30 වන සෙනසුරාදා පෙරවරු 09 සිට 31 වන ඉරිදා පෙරවරු 09 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
විදුලිබල මණ්ඩලයේ විදුලි විසන්ධි කිරිම සහ හදිසි නඩත්තු කටයුත්තක් සිදුකිරිම ඊට හේතුව බව එහ සඳහන්.
ඒ අනුව කොළඹ, දෙහිවල- ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප‍්‍රදේශවලට. මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප‍්‍රදේශ , කොටිකාවත්ත , මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ, රත්මලන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශයන්ට මෙසේ ජල සැපයුම අත්හිටුවන බව එම නිවෙදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.