FAST NEWS

24×7 Around the Globe

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතා පත්කර ඇත.
ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 21 ක සේවා කාලයක් සහිත විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙක් වන අතර නව ධුරයට පෙර ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරය දරා ඇත.
ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ රාජකාරීවල නිරතවීම නිසා ආපදා කළමනාකරණය පිළිබද විෂයානුබද්ධ මෙන්ම ප්‍රායෝගික දැනුමක් ලබාගැනීමට හැකි වූ බවත් , එයින් ලබාගත් අත්දැකීම් මෙහිදී තමන්ට බෙහෙවින් ඉවහල් වනු ඇති බවත් නව ධූරයේ වැඩ භාරගනිමින් ධර්මසිරි මහතා එම මධ්‍යස්ථානයේ නිළධාරීන් හට සදහන් කර තිබේ.