FAST NEWS

24×7 Around the Globe

නදිමාල් පෙරේරාව නිදහස් කෙරේ..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනප්‍රිය ගායන ශීල්පි අමල් පෙරේරාගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරාව ප්‍රකාශ ලබාගෙන නිදහස් කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත සඳහන් කළේය.

නදිමාල් පෙරේරා සහ තවක් අයෙක් කටුනායකින් දිවයිනට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඩුබායිහිදී අත්අඩංගුවට ගැණූනු මාකදුරේ මධුෂ් ඇතුළු කණ්ඩායමේ පිරිස අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ලලිත් කුමාර නැමැත්තා මෙරටට පිටුවහල් කර ඇති තිබේ.
ඊයේ (26) මෙලෙස දෙදෙනා පිටුවහල් කර ඇති බවත් අද (27) අලුයම එම දෙදෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් මෙරටට පැමීණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමීන් සිටින බවත් පැවසේ.
මෙම ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව මෙම දෙදෙනා පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ගය තීරණය වනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.