FAST NEWS

24×7 Around the Globe

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 50කින් වැඩිකිරීමට යයි..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 50 කින් වැඩිකිරීමට සහ ඒ සඳහා වැයවන මුදල පියවීමට රජයෙන් රුපියල් කෝටි 120 ක මුදලක් වෙන් කිරීමට ද රජය තීරණය කර ඇත.
ජනාධිපති‍‍ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට මෙසේ අනුමැතිය හිමිවිය.
වතු කම්කරුවන් සඳහා වතු සමාගම් මගින් ගෙවන මුදලට අමතරව දිනකට රුපියල් 50 ක මුදලක් රජයෙන් ගෙවනු ලබන අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කෙරෙනු ඇත.